මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන ශ්‍රේණිවල නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා සම්පාදනය කිරීම පිණිස ස්ථාපිත කරන ලද දිස්ත්‍රික් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය (MDTU) මාතලේ මහ දිසාපතිතුමාගේ උපදෙස් සහ මගපෙන්වීම් හා එතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
ප්‍රධාන අරමුණ
මාතලේ දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය නිලධාරීන්ගේ (පළාත් සභා ඇතුළු)හැකියාවන් වර්ධනය කිරීම තුළින් යහපත් මහජන සේවාවක් ස්ථාපිත කිරීම.
සුවිශේෂ අරමුණු
දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය නිලධාරීන්ගේ (මාණ්ඩලික නොවන) දැනුම , ආකල්ප , කුසලතා වර්ධනය කිරීම.
රාජකාරී හැකියාවන් වර්ධනය කිරීම තුළින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම.
දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක දැනුම වැඩිදියුණු කිරීම.
කොළඹ වැනි දුර බැහැර ප්‍රදේශයන්ට පුහුණුව සඳහා යෑමේදී මුහුණපාන විවිධ ගැටලු අවම කිරීම.
දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබාදීම තුළින් ඔවුන්ගේ රාජකාරී කටයුතු පහසු කිරීම.
රාජ්‍ය නිලධාරීන් තුළින්ම පළපුරුදු සම්පත්දායකයින් පිරිසක් බිහිකිරීම.
දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය ආයතන මගින් සැපයෙන සේවාවන් පිළිබඳ අභ්‍යන්තර හා බාහිර පාරිභෝගිකයන්ගේ තෘප්තිය උපරිම වශයෙන් ලබා දෙමින් එම ආයතනවල පරිපාලන කටයුතු සහය වීම.
දිස්ත්‍රික්කයේ පවත්නා සම්පත් හඳුනාගෙන ප්‍රදේශයට ආවේණික ව්‍යාපෘති හඳුනා ගනිමින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම තුළින් , මහජනයාගේ ආර්ථික , සමාජීය , සංස්කෘතික කටයුතු සංවර්ධනය කිරීමට අවශ්‍ය දැනුම , කුසලතාවයන් හා ආකල්ප ලබාදීම .